කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා

හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු  ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන  ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහු සමග දෙදෙනකු මුහුදට පැන ඇති අතර එක් ධීවරයකු නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගෙන මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඒ අනුව රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගනු ලැබු “ජය සහන්” නැමැති බහු දින යාත්‍රාව අද උදෑසන දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.