අන්තවාදී ප්‍රහාරයකින් 37 දෙනෙකු ජීවිතක්ෂයට

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. 

යෝබේ ප්‍රාන්තයේ ගයිඩම් දිස්ත්‍රික්කයේ ගම්මානයකට ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යය සඳහන් කර ඇත.

එහි දී බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පසු ව එම මළ සිරුරු භූමදානය කිරීමට පැමිණි පුද්ගලයන් 20 දෙනෙකු ද අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බව සඳහන්ය.

2009 වසරේ සිට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 35,000ක් පමණ ඝාතනයට ලක් ව මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published.