මහියංගන – මහනුවර මාර්ගයට ගසක් කඩා වැටේ

මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත්  තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය.

මේ වන විට එහ මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.

මාර්ගය මේ ආසන්නයේ පැවති පෙට්ටි කඩයක් මේ අනතුර හේතුවෙන් විනාශයට පත්වී ඇත. අධික වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇත.

මේ වන විට මහනුවර මහියංගනය කුණ්ඩසාලේ මාර්ගයේ බස් ධාවන කටයුතු විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට කටයුතු ගෙන ඇති බවත් කඩිනමින් ගස ඉවත් කිරීමට පියවර ගන්නා බව පල්ලෙකැලේ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.