අමෙරිකාවට බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් ?

ඊශ්‍රායල – හමාස් යුද්ධය, මීට දසවසරකට පෙර ISIS වෙතින් පැවැති තර්ජනයට පසු අමෙරිකා එක්සත් ජනපදයට වඩාත්ම බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් මතු කරන බව FBI ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්රේ  (Christopher Wray) පවසයි.

එක්සත් ජනපද සෙනේට් මණ්ඩලයේ ස්වදේශීය ආරක්ෂක හා රාජ්‍ය කටයුතු කමිටුව ඉදිරියේ ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකා එක්සත් ජනපදයට වර්තමානයේ පවතින ආරක්ෂක අවදානම් පිළිබඳව කරුණු දක්වමිනි.

අමෙරිකානු FBI ඔත්තු සේවාවේ අධ්‍යක්ෂවරයා එහිදී කියා සිටියේ, ගාසා තීරයේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම්ආරම්භ වීමෙන් පසු අමෙරිකානුවන්ට සහ බටහිර වැසියන්ට ප්‍රහාර එල්ල කරන ලෙස විදේශීය ත්‍රස්තවාදී සංවිධාන රැසක් සිය අනුගාමිකයන්ට උපදෙස් ලබාදී ඇති බවය. 

Leave a Reply

Your email address will not be published.