අමෙරිකාව මැදපෙරදිග සමග සාකච්ඡාවකට සැරසෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජෝර්දානයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට කටාර්, සෞදි, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම පලස්තීන නියෝජිතයෙකු ද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත අතර එම සාකච්ඡාවට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජොර්දාන රජු හමුවීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.