දිගටම වැස්සොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක්  ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා එහෙම වුණත් එක්වරම මිල අඩු අඩුකිරීමක් කරන්නට හැකි වන්නේ නැතැයි කීය.

යම් සහනයක් ලැබෙනවානම් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.