මහ විරු සැමරුමට එරෙහිව වාරණයක්

ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පැවැත්වීමට නියමිත “මහවිරු සැමරුම්” උත්සව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද (24) දින අභියාචනාධිකරණයේදී කැදවනු ලැබීය.

එහිදී මහවිරු සැමරුමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා අද (24) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.එහිදී ඔවුන් ප්‍රතිඥා දී ඇත්තේ සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට ය. එම අවස්ථාවේදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් ඡ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් මෙම ප්‍රතිඥාව ලබාදුන්නේය.

පෙත්සම ඉදිරිපත් කරන ලද පාර්ෂවය ජනාධීපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published.