නීතිවිරෝධී දුම්වැටි තොගයක් සම​ඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි 600 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවයි.

සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 ක ‍තොගය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published.