මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට සැලසුම් ක්‍රියාත්මක කරනවා

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට ඉදිරියේදී සැලසුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

තමා ළඟට සේවයට ලබා ගැනීමට පැමිණි කිසිවෙකුගේ පක්ෂයක්, පාටක්, කුලයක්, ජාතියක් හෝ ආගමක් බලා තමන් ක්‍රියාකර නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී එය සෑම පුද්ගලයෙකුටම ක්‍රියාවෙන්ම දැකගත හැකි වනු ඇති බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.