ව්‍යාජ ප්‍රතිඵල ලේඛන සෑදූ පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනවලට සමාන ලෙස ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 21 – 55 අතර වයසේ පසුවන හකහින්න, හෙට්ටිමුල්ල සහ අලපලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද, වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන තොගයක්, පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් සහ තඹ මුද්‍රාවක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ද පොලිසීය වැඩිදුරටත් සඳහන් කරනවා. 

Leave a Reply

Your email address will not be published.