අම්බලන්ගොඩ ලොකු විරෝධතාවයක්

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇත.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති සංගම් 9 ක් මෙලෙස නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරතව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට පැය 2ක පමණ කාලයක් බාධා එල්ලවූ බවය.

වැටුප් විෂමතාවය, පාසල් නඩත්තු කිරිමේ බර දෙමව්පියන්ගෙන් ඉවත්කිරීම, අයවැයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම සහ අධ්‍යාපනය විකිණීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතව තිබේ.

මේ අතර අම්බලන්ගොඩ ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් ද එම කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් සිදුකර ඇත.

දීපව්‍යාප්තව අද සිදුකරන තැපැල් විරෝධයට සහාය පළකර කළු කොඩි ප්‍රදර්ශනය කරමින් එම තැපැල් සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත.

Leave a Reply

Your email address will not be published.