බස් රථයක් පෙරළී 30 ක් අනතුරට පත්වෙයි

බස් රථයක් අද (30) උදෑසන අනතුරට ලක්වීමෙන්  පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙය පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් වන අතර, වේගය පාලනය කරගත නොහැකිව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.

Leave a Reply

Your email address will not be published.