ලංකාව පුරා සිදුවු මාරක අනතුරු ජීවිත 4ක් බිලිගනී

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (11) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගලෙන්බිඳුණුවැව, කැකිරාව මාර්ගයේ යකල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යකල්ල ප්‍රදේශයේ සිට කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී  ත්‍රීරෝද රථයේ පිටුපස ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකද ගැටී එම අනතුර සිදුව තිබුණි.

මේ අතර රාමනාදපුරම් පොලිස් වසමේ කල්මඩු ධර්මපුරම් මාර්ගයේ කල්මඩු නගර් හන්දියේදී සිදුවූ අනතුරකින් 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබුණි.

මේ අතර කුඹුක්ගැටේ පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරපැදිකරු හා පදිකයා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහල ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් තිබේ.

මේ අතර රඹුක්කන – දෝඹේමඩ මාර්ගයේ 01 කණුව ප්‍රදේශයේදී ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අදාළ අනතුරින් බරපතළ තුවා ලැබූ පදික පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, දොඹේමඩ, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.