බිත්තර මිලියන 15ක් හෙට දිවයිනට

බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් හෙට (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.