මව මැරූ පුත්‍රයා ප්‍රදේශයෙන් පළා යයි

අලව්ව, මාබෝපිටිය ප්‍රදේශයේ දී පුතා විසින් තියුණු ආයුධයකින් පහර දී මව ඝාතනය කර තිබේ.

ඊයේ (06) සවස් කාලයේ දී එම ඝාතන සිදු කර ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, මාබෝපිටිය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි.

ඝාතනය සිදු කළ සැකකරු මරණකාරියගේ බාල පුතා වන අතර, ඔහු බීමත් ව පැමිණ තම මව සමඟ බහින්බස් වීමක් ඇතිකර ගැනීමෙන් අනතුරු ව මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.