ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.

ඒ අනුව අන්තර් නගර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.

මෙම බස්රථ සේවා ජනවාරි 02 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.