‘INS KABRA’ කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අතර නෞකාවේ අණදෙන නිලධාරී, ‍ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් මහතා සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා අතර අද නිල හමුවක් පැවැත්වීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published.