අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ

තංගල්ල  මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව  එල්ල කළ මෝල්ගස් පහරකින්  නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් පැවසේ .

සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

පහර කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ අළුත්ගොඩ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි අයකු බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බවට සැක කෙරෙන කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.