ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ඊසාන දිග ඇෆ්ගනිස්තාන කඳුකර ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටී අනතුරට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙලෙස අනතුරට ලක්ව ඇති ගුවන් යානයේ මගීන් 6 දෙනෙකු සිට ඇති බවය.

තවමත් යානය කඩා වැටී ඇති ස්ථානය පිළිබඳව තොරතුරු නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එම ආසන්න ප්‍රදේශ වෙත සහන සේවා කණ්ඩායම් යොමුකර ඇත.

රුසියාව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉන්දියාවේ සිට මොස්කව් දක්වා පැමිණෙමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

මේ අතර අනතුරට ලක්ව ඇති ගුවන් යානය ඉන්දියාවට අයත් යානයක් බවට මීට පෙර වාර්තා පළවුවද ඉන්දීය රජය විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.