අමානුෂික ඝාතනයක්

දෙහිඕවිට දිගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඝාතනය කර ඇත.

ඊයේ (21) සවස මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 42 ක්වූ දිගල දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ සිය සහෝදරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පහරදීමක් සිදුකර තිබේ.

පසුව ඇගේ ස්වාමි පුරුෂයා පැමිණ මෙම පුද්ගලයාට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.