කොළඹ රථවාහන වැරදි සොයන්න CCTV මෙහෙයුම් අද සිට

කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී හඳුනාගන්නා මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

“මෙය නියමු ව්‍යාපෘතියක් විදියට ආරම්භ වෙනවා. මෙය කොළඹ නගරයේ පිහිටි පොලීසිය මඟින් නිරීක්ෂණ කරනු ලබන CCTV කැමරා පද්ධතිය හරහා අපි නිරීක්ෂණය කරනවා රථවාහන වැරදි කරන රියදුරන් කවුද කියලා. යම් වැරැද්දක් කරොත් අපි දැනුම් දෙන්නේ වාහනයේ අයිතිකරුට. ජනවාරි 31 වන තෙක් මේ කාලසීමාවේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකරනවා. ජනවාරි 31 වනදායි පසුව දඩ පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ කරනවා.”

Leave a Reply

Your email address will not be published.