කන්දකාඩුවේ ගැටුම් විසඳීමට කඩිනම් වැඩපිළිවෙළක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් හටගන්නා ගැටුම්කාරී සිදුවීම් පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ගැටුම්වලට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද පුනරුත්ථාපන මධ්‍යස්ථන වෙත ඇතුළත්ව සිටීම බවයි.

ජනවාරි මාසය තුළ අවස්ථා දෙකක දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ගැටුම්කාරී සිදුවීම් වාර්තා විය.

අදාළ තත්ත්වයන් මේ වන විට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති නමුත් මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය වී ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.