දයා’ සමගි ජනබලවේගය සමග එක්වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබේ.

අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති හමුවකදී ඔහු එම පක්ෂය සමග එක්ව ඇත.

ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.

ඒ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published.