සමගි ජන බලවේගයේ විරෝධතාවයට අධිකරණයෙන් නියෝගයක්

අද (30) පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.