කොල්ලු‍පිටියේ සහ කොම්පඤ්ඤවීදියේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වසා දැමේ

භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතයි.

එහි තුන්වන අදියර යටතේ මාර්තු මස 05 වනදා සිට මාර්තු 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව රෝටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.