ජීවයේ පැවැත්මට හිතකර අලුත් ග්‍රහලෝකයක්

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ.

මෙම නව ග්‍රහලෝකය “TOI-715 b”  ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක්  වැනි කාලයක් ගත වන බවත් එම වාර්තාවල සඳහන්ව තිබේ.

විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්‍රමාණයක් වන මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.