වසර 1700 පැරණි බිත්තරයක් හමු වේ

වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත.

කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත.

වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව කහ මදය සහ සුදු මදය ආරක්ෂා වී තිබෙන ලෝකයේ එකම බිත්තරය මෙය යැයි තමන් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ්හි පුරා විද්‍යාඥයකු වන එඩ්වඩ් බිඩුල්ෆ් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.