මෝදර වෙඩි තැබීමක්

මෝදර මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

තුවාල ලද එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.කළමනාකරු අවන්හලේ ගේට්ටු ආසනයේ රැඳී සිටියදී පිස්තෝල වර්ගයෙන් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස්  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ 14   මහවත්ත පටු මඟ පදිංචිකරුවකි.වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.