ගෝඨා හෙට සියල්ල හෙළි කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය හෙට (7) එළිදැක්වේ.

2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න විය.  ඒ අනුව 2019 නොවැම්බර් මාසයේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව ඔහු බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින්නට විය.

කුමන්ත්‍රණකාරී බලවේග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අග දී ආරම්භ වූයේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා එන්නත් ව්‍යාපාරය දියත්කර  ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අත්දැකීමකි. එබැවින් මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වන බව නොඅනුමානය. මෙම ග්‍රන්ථය හෙට 7 වැනි සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published.