17 හැවිරිදි තරුණියකගේ සිරුරක් තේ වත්තක

තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ  පිහිටි තේ ඉඩමකදී සිරුර සොයාගෙන ඇත.

මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.