රඹෑවේ බිහිසුණු අනතුර ගැන තවත් තොරතුරු

අද (09) අළුයම රඹෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු බව පොලීසිය පවසයි.

ඔවුන් තිදෙනා පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.

අනතුරට ලක් වූ ගැහැණු ළමුන් දෙදෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අද අළුයම රඹෑව දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පස්දෙනා ගේ ගැටී අනතුර සිදුව තිබේ.

මෙම පිරිස රඹෑව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් නැවත නිවෙස් බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් ව ඇත.

අනතුර සිදුකළ කැබ් රථය එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.