ඇලපාත, නිරිඇල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවක්ව සිය ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (10) මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කළ බවය.
පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන එ්මට ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
එහිදී ස්වාමියා විසින් තියුණූ ආයුධයකින් පහරදී ඇති බවට සිදුකළ පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.
අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.