ටි 56 හිස් මැගසින් 16ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙහිවල පොලිස් වසමේ ඊ‍ය (09) රාත්‍රි 0950 පමණ සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 1 කට ආසන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදී නිවස පිටුපස සඟවා තිබු ටී 56 වර්ගයේ හිස් මැගසින් 16ක්, අයිස් මත්දුව්‍ය 40g ක්, කේරල ගංජා 3.5kg කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීම‍ට දෙහිවල පොලිසිය සමත් වීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 263/2 ගල්විහාර පාර, දෙහිවල ලිපිනයේ පදිංචි වයස අවු 35ක පමණ රූපසිංහ නිලන්ත දිල්හාර යන පුද්ගයෙකු බව පොලිසිය සදහන් කරයි. මේ පිලිබද වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සුදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.