පාතාලේ 43කට ජාත්‍යන්තර රතු නිවේදන

අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තවත් හදුනාගත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිත බවය.

ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූ මහතා සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published.