දඹාන,සොනුත්තර විහාරයට වෙඩි ප්‍රහාරයක්

මහියංගණය දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ 10දා රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇත.

කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන් ජාවාරම්කාර පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි විහාරස්ථානයේ විහාරාධිපති පොල්පැල කැටියේ පඤ්ඤාරතන හිමියන් මාධ්‍ය’හමුවේ පැවසූහ.

විහාරාධිපති හිමියන් සිද්ධිය පිළිබද මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් රාත්‍රි ගම්මානයේ පැවති තුන්මාසේ බණ ගෙදරක බණට වැඩමකිරිමෙන් අනතුරුව විහාරස්ථානයේ සැතපී ඉද්දී රාත්‍රි 12.30ට පමණ ලොකු ශබ්දයක් ඇහුනා. ඒ එක්කම කාමරයේ විදුරු කුඩුවෙලා බිමට වැටුනා. නැගිටලා බලද්දී වෙඩිබෙහෙත් ගඳකුත් දැනුනා. මම හිතුවා වෙඩි ප්‍රහාරයක් තමයි එල්ල උනේ කියලා. ජනේලේ සිදුරු දෙකක් තියෙනවා. ඇතුලේ මූනිස්සම් කැබලි දෙකක් තියෙනවා. අපි පොලිසියට පැමිණිලි කරාට පස්සේ මහියංගණ පොලිසියෙන් ඇවිත් මේවන විට එම වෙඩි ප්‍රහාරය පිළිබද විමර්ශණ කටයුතු ආරම්භ කරලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published.