තාප්පයක් නිසා කොම්පඤ්ඤවීදිය නොසන්සුන්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ ඉදිකොට තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදු කරමින් සිට ඇත.

මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති විසින් කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කොට ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගය නොගැනීම හේතුවෙන් අද දින එම ප්‍රදේශවාසීන්ට විසින් සම්පූර්ණයෙන්ම එම තාප්පය කඩා ඉවත් කිරීමට කටයුතු කොට තිබේ.

දුම්රිය දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාද වීම හා එම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දින පැය දෙකක පමණ වේලාවක් දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත් වීමට සිදුව ඇතග

කෙසේ වෙතත් පැය දෙකකට ආසන්න කාලයකින් පසුව එම අලහහානී කල පිරිසෙන් කොටසක් මේ වන විට කොම්පඤ්ඤ වීදීය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදු වේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ඒ අනුව යලි යථාතත්වයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published.