කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මෝදරින් අල්ලයි

රුපියල් කෝටි තුනකට අධික වටිනා මත්ද්‍රව්‍ය  තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා මැෂිමක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.

එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 යි ගෑම් 500 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 7 ක් ෆිල් නැමැති මත්පෙති  නිෂ්පාදනයට ගන්නා විවිධ අමුද්‍රව්‍ය ගෑම් 950 ක්   , එම මත්ද්‍රව්‍ය  නිෂ්පාදනය කරන මැෂිමක්  ,විද්‍යුත් තරාදියක් , හා මුදල් ගණින යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකටයුතු පුද්ගලයෙකු මෝදර බෝගහ හන්දිය අසල  රැඳී සිටින බවට  යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකයන් නලින් දර්ශන මහතාට ලද රහසිගත තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ පාර්සලය පරික්ෂා කිරීමේදී  එහි තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.