ධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (14) සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතුවෙයි.

එසේම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.