ගිනිඅවි නිෂ්පාදනය කළ තැනක් වටලයි

නීතිවිරෝධිව ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුව වයික්කාල ප්‍රදේශයේ මෙම නිතිවිරෝධී ගිනිඅවි නිෂ්පාදනය කරන ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

පොලීසිය පැවසුවේ එම ස්ථානයේ තිබී සකස් ලද ගිනි අවි කොටස් හා ගිනිඅවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක්ද සොයා ගත් බවය.

මීට අමතරව එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, විවිධ වර්ගයේ ගිනිඅවි සඳහා යොදන සජීවී උණ්ඩ 27ක් , හිස් උණ්ඩ කොපු , ඊයම්බෝල 31 ක්, සොයාගෙන ඇත.

ඒ අනුව මෙම ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානය පවත්වාගෙන ගිය වයික්කාල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.