අද (14) උදෑසන 7න් අවසන් වූ ගතවූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ඊයේ (13) දිනය තුළ ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවට වාර්තා වෙයි.
ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.