ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම  හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා  කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි  රෝහල් බලධාරීහු පෙන්වාදෙති.

රට පුරා රෝහල්වල  විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ  පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ  දෙදහස්  එකසිය පනහක් පමණ බවද  එම  ආරංචි මාර්ග කීවේය.

සෞඛ්‍ය සේවයට  විශේෂඥ වෛද්‍යවරුන් අනුමත කෙරුණු සංඛ්‍යාව හාරදහසකි.

මෙසේ බරපතල  හිඟයක් පවතින්නේ ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශයන්ට ගොස්  ඇති හෙයින් මෙම හිඟය මතුව ඇතැයිද සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.