අයිස් මත්ද්‍රව්‍ය සමග ජේලර් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙකු අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් එලෙස ප්‍රවාහනය කරමින් සිටියදී නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන ජේලර්වරයෙකු බව වාර්තා වෙයි.

රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාට ලද තොරතුරක් අනුව අයිස් මත්ද්‍රව්‍ය සමග යතුරුපැදියකින් යමින් සිටි සැකකරුව රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිවත්ත දී පොලිස් මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගෙන තිබුණි.

බන්ධනාගාර නිලධාරියෙකු ලෙස රැකියාව කරමින් සැකකරු කලෙක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.