අසාන්ජ් මව් රටට යයි

වසර 12ක් පමණ විවිධ තාඩන පීඩන මධ්‍යයේ නිවාස අඩස්සියේ සහ සිර ගෙවල්වල වෙසෙමින් සිය නිදහස උදෙසා දැඩි සටනක යෙදුණු ජූලියන් අසාන්ජ් සිය මව් රට වන ඔස්ට්‍රේලියාව බලා පිටත් වී තිබේ.

අමෙරිකාවේ රහස් තොරතුරු හෙළිකිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබුණු අතර එම චෝදනාවට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව අමේරිකානු විනිසුරුවරයෙක් අද (26) ඔහුට නිදහස ලබාදුනි.

වසර 5ක පමණ කාලයක් බ්‍රිතාන්‍ය සිර කුටියක රඳවා සිටි අසන්ජේ සඳුදා (23) විශේෂ ගුවන්යානයකින් පැසිෆික් හි පිහිටි අමෙරිකාවට අයත් සයිපාන් දූපතට ගෙන යන ලදී.

එහිදී ඔහුව විනිසුරුවරයෙකු ඉදිරියට ඉදිරිපත් කර තිබුණි.

ඔහු එහිදී තම වරද පිළිගත් අතර ඔහුට දඬුවම් වශයෙන් එතෙක් සිරගෙවල්වල ගෙවූ කාලය නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published.