ලැබී ඇති පාස්කු වන්දි මුදල සම්බන්ධයෙන් අධිකරණයේදී හෙළිදරව්වක් 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතීන්වාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින්  නිකුත්කළ නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය.

මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය. 

ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම විය.

Leave a Reply

Your email address will not be published.