විදේශීය දුම්වැටි තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණි ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 59980ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි  25 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.