මීගමුව කළපුවට බිලි වූ පියා සහ දියණිය

මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ 20 හැවිරිදි දියණිය බව පොලීසිය පවසයි.

දිවි බේරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා අතර අනෙක් තිදෙනා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් තිබේ.

අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.