හිටපු මැකො ගෙ නිවසට තුන්වෙනි වරටත් හොරු පැනලා

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම නිවස සොරුන් බිද ඇත්තේ තෙවැනි වරට බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පෝරඹ නිවසේ මේ දින කිහිපයේම මහින්ද දේශප්‍රිය මහතා නොසිටි බවත් ඊයේ (23) දහවල් ඔහු නිවසට පැමිණි අවස්ථාවේදී සිය නිවස බිද ඇති බව දැක ඒ බව තමන්ට දැනුම් දුන් බවද පොලිසිය කියයි. මේ නිවසේ ඉදිරි පස දොර කඩා නිවසට ඇතුලු වී ඇති සොරුන් නිවසේ තිබූ වර්ණ රූපවාහිනිය,ගෑස් සිලින්ඩරය ඇතුලු ගෘහ භාණ්ඩ රැසක් සොරකම් කොට ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණය කරයි. අම්බලන්ගොඩ පොලිසියේ සහ ඇල්පිටිය සොකෝ අංශයේ නිලධාරීන් දේශප්‍රිය මහතාගේ නිවස බින්ද සොරුන් අල්ලා ගැනීම සදහා පරීක්ෂණ පටන්ගත් ආකාරයයි.

Leave a Reply

Your email address will not be published.