දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (14) සවස 4:00 සිට හෙට (15) සවස 4:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා බලපැවැත්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානය (ඇම්බර්)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ – මතුරට, වලපනේ, හඟුරන්කෙත සහ නිල්දණ්ඩාහින්න

රත්නපුර දිස්ත්‍රික්කයේ – බලංගොඩ සහ කොළොන්න.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ – කටුවාන සහ වළස්මුල්ල.

කළුතර දිස්ත්‍රික්කයේ – පාලින්දනුවර, වලල්ලාවිට සහ බුලත්සිංහල.

මහනුවර දිස්ත්‍රික්කයේ – තුම්පනේ සහ හතරලියැද්ද.

කෑගල්ල දිස්ත්‍රික්කයේ – කෑගල්ල, රඹුක්කන, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, යටියන්තොට, වරකාපොළ, රුවන්වැල්ල සහ අරණායක.

මාතලේ දිස්ත්‍රික්කයේ – අඹන්ගඟ කෝරළය, රත්තොට සහ මාතලේ.

මාතර දිස්ත්‍රික්කයේ – මුලටියන, අතුරලිය සහ පාස්ගොඩ.

රත්නපුර දිස්ත්‍රික්කයේ – කළවාන, වැලිගෙපොළ, අයගම, ඇහැලියගොඩ, නිවිතිගල, රත්නපුර, ඉඹුල්පේ, කුරුවිට සහ ඇළපාත.

අධික වැසි හේතුවෙන් කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව නාය යාමේ අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *