පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනේ’ අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
පසුගිය 10 වන දින ඓතිහාසික දළදා මාළිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව යන නගර පසු කරමින් ඊයේ (14) දිනයේ කඩවත නගරයෙන් අවසන් වුණි.
ඒ අනුව අද උදෑසන කඩවත නගරයෙන් ආරම්භ වන පාගමන කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබේ.


