උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර, 162/54 සැතපුම් කණුව අසළට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, දුම්රිය මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය අද බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර තිබේ.
එමෙන්ම, බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වන සියලු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් අද දිනයේ ධාවනය නොකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


